ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්රදේශයේ විවාහ උත්සවයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
ඉන් පුද්ගලයින් හය දෙනෙක් මියගොස් තවත් හතලිස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රජයේ හිතවාදි සංවිධානයක උසස් නිලධාරියෙකුගේ නිවසක පිපිරිම සිදුවුණා. සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය වගකිව යුතු බවයි ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ. එහෙත් තලෙයිබාන් සංවිධානය එම චෝදනාව ප්රතික්ෂේප කර තිබෙනවා.