පහලොස්වන ලෝක ශුරතා දැල්පන්දු තරගාවලිය එංගලන්තයේ ලිවර්පුල්හිදි අද ආරම්භ වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ද අද තරග බිමට පිවිසෙනවා.
රටවල් 16ක සහභාගිත්වයෙන් ආරම්භවන තරගාවලියේ මුලික වටය කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙනවා. එහිදි මුලික ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් තුන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනවා. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේ තරග වදින්නේ ඒ කාණ්ඩය යටතේයි. ඕස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ එම කාණ්ඩායේ තරග වදින සෙසු කණ්ඩායම් වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ චතුරංගි ජයසූරියයි. ලෝක ශුරතා දැල්පන්දු තරගාවලිය ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා.