fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ මුල් කාර්තුවේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති බව මහබැංකු අධිපති කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:30

වසරේ මුල් කාර්තුවේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති බව මහබැංකු අධිපති කියයි

වසර 10 කට පසු මේ වසරේ මුල් කාර්තුවේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය රැස් වූ  අවස්ථාවේදීයී ඒ මහතා මේ බව ප්‍රකාශ ක‍ළේ. 2019 වසරේ 04 වන මූල්‍ය ප්‍රතිපත්ති විවරණය කිරීම ද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,

” ශ්‍රී ලංකා මහබැංකුවේ  ආර්ථික ස්ථාවරභාවයට තමයි අපි විශේෂ අවධානයක යොමුකරන්නේ පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතය එලෙසම පවත්වාගෙන යන්න ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කරලා තියෙනවා. ශුද්ධ මූල්‍ය ණය පහසුකම් ලබාදීමද  යහපත් මටට්මක පවතිනවා. ජුනි මාසයේ උද්ධමනය පහල බැහැල තියෙනවා.අපේක්ෂිත මට්ටමේ තමයි ජුනි මාසයේ උද්ධමනය  පවතින්නේ. වසර 10 කට පසු මේ වසරේ මුල් කාර්තුවේ ගෙවුම් ශේෂයේ අතිරික්තයක් අපි දකිනවා. එම නිසා 4.1%කින් රුපියල ඉහල යාමක් සිදු වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරයෙන්  පසුව අපි හිතුවට වඩා වේගයකින් හැම ආර්ථික දර්ශකයක්ම ඉහල යාමක් සිදු වෙලා තියෙනවා. ණය අනුපාතය පහල දැමීමටද අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. පාස්කු ප්‍රහාරයත් සමඟ වැට් බදු සහ ආදායම් බදු යන සියලු අංශවලට බලපෑම් ඇති වුණා. ඒ වගේම රාජ්‍ය ආදායමටත් එය බලපෑවා. එම නිසා රජයේ වියදම් ඉහලයාමද සිදු වුණා. ඒ අනුව සුදුසු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් යථා තත්ත්වයට පත්වීමට කටයුතු ක්‍රියාත්මක කරනවා.  “

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්