fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකියාවේ නිරතව සිටියදී මියගිය ධීවරයින් සදහා රක්ෂණ වන්දි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 11:28

රැකියාවේ නිරතව සිටියදී මියගිය ධීවරයින් සදහා රක්ෂණ වන්දි

රැකියාවේ නිරතව සිටියදී මියගිය ධීවරයින් සදහා රක්ෂණ වන්දි ප්‍රදානය ධීවර අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ඒ  අමාත්‍ය පී හැරිසන් සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

හදිසි අනතුරුවලින් සහ ස්වභාවිකව මියගිය රක්ෂණ ලාභී ධීවර පවුල්වල සිසු දරුවන් සදහා ආධාර ප්‍රදානය ද අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ධීවර පවුල් 8 ක් සදහා ප්‍රදානය කළ රක්ෂණ වන්දිවල වටිනාකම රුපියල් ලක්ෂ 27 කට අධිකයි. හදිසි අනතුරකින් මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 12 ක මුදලක් සහ ස්වභාවිකව මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ද වන්දි වශයෙන් පිරිනැමුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්