fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CWC2019 : අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත සමත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:41

CWC2019 : අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත සමත් වෙයි

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ඊයේ පැවැති තරඟයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කරමින්.

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර බර්මින්හැම් හිදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියා පිල පන්දුවාර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 223 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිමේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දුවාර 32 යි පන්දුවකදී කඩුලු දෙකක් පමණක් දැවී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයකදී ඔස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය මෙලෙස හමුවී ඇත්තේ වසර 44 කට පසුව බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ.

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ අවසන් මහා තරඟය නවසීලන්ත සහ එංගලන්ත කණ්ඩායම් අතර ලබන ඉරිදා ලෝඩ්ස් කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්