fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් හෙට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 11:37

බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් හෙට

බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කෙරෙනවා.

ත්‍රෛනිකායික මහාසංඝයා වහන්සේ සහ ගාමිණි ජයවික්‍රම පෙරේරා , අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් ඊට එක්වීමට නියමිතයි. කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රයේදී හෙට පස්වරු 02 ට පමණ උත්සවය පැවැත්වෙන බවයි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ. භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂාව අරමුණු කරගනිමින් බුදුපුත්   සුරක්ෂා වැඩපිලිවෙල ආරම්භ කිරීමට රජය කටයුතු කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්