මාලදිවයින සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. ඒ ලන්ඩනයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේදී.
මාලදිවයිනට යළි පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය ලබාදෙන ලෙසයි ඔහු ඉල්ලා තිබෙන්නේ.
මාලදිවයින මෙහි සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත්තේ 2016 වසරේදී. ඒ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන කාලය තුළ මානව හිමිකම් පිරිහීම මුල්කර ගනිමින්.
කෙසේවෙතත් මාලදිවයින තුළ දැන් පවතින තත්වය සැළකිල්ලට ගනිමින් සාමාජිකත්වය ලබාදෙන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලයේ විදේශ අමාත්‍යවරුන්ට පැහැදිලි කර තිබෙනවා.