රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් සමඟ පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකින්.
කොල්ලුපිටිය පැල්මයිරා ඇවනිව් ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි පකිස්ථාන ජාතිකයා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමටයි පියවර ගැණුනේ.
හෙරොයින් ග්‍රෑම් 2085 කට වැඩි ප්‍රමාණයක් ඔහු ළඟ තිබී සොයා ගැණුනා. විද්‍යුත් තරාදි දෙකක් සහ ජංගම දුරකථන තුනක් ඇතුලු භාණ්ඩ ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.