fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි ජන පදිකයන් පන් දහසකට ඉඩම් ඔප්පු; ති‍්‍රකුණාමලයේ 1200 කටත් ඉඩම් හිමිකම් පිරිනැමේ

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:27

මහවැලි ජන පදිකයන් පන් දහසකට ඉඩම් ඔප්පු; ති‍්‍රකුණාමලයේ 1200 කටත් ඉඩම් හිමිකම් පිරිනැමේ

තවත් මහවැලි ජන පදිකයන් පන් දහසකට ඉඩම් ඔප්පු ලබාදෙන බව මහවැලි අධිකාරිය ප‍්‍රකාශ කළා. උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමගේ ප‍්‍රධානත්වයෙන් ලබන ඉරිදා. ඒ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය කී‍්‍රඩාංගනයේදී. සැමට මහවැලි බිමේ උරුමය ලබාදීමේ අරමුණින් කි‍්‍රයාත්මක ඉඩම් ඔප්පු දෙලක්ෂයක් ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ තුන්වන අදියර ලෙසයි මෙය කි‍්‍රයාත්මක වන්නේ. පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහස් පන්සියයක් මහවැලි පදිකයන්ට බෙදාදීම සිදුවුණා. දෙවන අදියරයේදී බෙදාදුන් ඉඩම් ඔප්පු සංඛ්‍යාව අට දහසක් බවයි මහවැලි අධිකාරිය පෙන්වාදෙන්නේ.

මේ අතර ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ලබන ඉරිදා පැවැත්වෙන බව ඉඩම් අමාත්‍යාංශය සඳහන් කළා. ඒ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය මුල්කර ගනිමින්. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී ඉඩම් ඔප්පු 1200 ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්