හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ විදෙස් යාත්‍රාවක සිටි 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ගාලු වරාය ආසන්න මුහුදේදී. අදාල යාත්‍රාව මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය තොගය සහ විදේශිකයන් 9 දෙනා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතයි.