මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දහඅට දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 25 වනදා දක්වායි.
රහස් පොලීසිය භාරයේ රදවාගෙන සිටි හය දෙනෙකුයි සහ මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 12 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර කොළඹ කිංස්බරි හෝටලයේ බෝම්බකරුවන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලා යන සැකකරු ස්වයං ඝාතක බෝම්බ කරුවෙකු බවට තීරණය කරන බව කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. මෙම බෝම්බකරුට අදාළ ඩී එන් ඒ පරීක්ෂණ වාර්තාව අනුව මෙම තීරණය ගන්නා බවයි මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසුවේ. බෝම්බකරුගේ නිවසේ තිබී සොයාගත් ලේඛනවලට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලීසියට අධිකරණය අවසර ලබාදුන්නා.
ශරීර සෞඛ්‍යයට හානිකර ලෙස ත්‍රී රෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ නිරතව සිටි වෙළෙන්දන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැරුණු. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. චූන් පාන් ත්‍රී රෝද රථ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සදහා විශේෂයෙන් සකසා තිබුණ ද එහි දොරවල් සහ ජනෙල් අතර හිඩැස් තුළින් දූවිලි ඇතුළුවන බවට මහජන පරීක්ෂකවරුන් නිරීක්ෂණය කර තිබුණා.