fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙදර්ලන්ත රජයේ අනුග‍්‍රහයෙන් ඉදිකළ නුවරඑළිය දිස්ති‍්‍රක් මහ රෝහල සඳුදා ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:14

නෙදර්ලන්ත රජයේ අනුග‍්‍රහයෙන් ඉදිකළ නුවරඑළිය දිස්ති‍්‍රක් මහ රෝහල සඳුදා ජනතා අයිතියට

නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජුලි මස15 දින පෙරවරු 10.00 ට විවෘත කිරිමට කටයුතු යොදා තිබෙනවා.

නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 39 ක් වැය කරමින් මෙම නව රෝහල ඉදිකර ඇත. ඇදන් 422 කින් යුක්ත මෙම රෝහලේ නවීන වෛද්‍ය උපකරණ සවිකර ඇත. ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙද හෙදියන් සදහා නව නිල නිවාස ද ඇතුලත් වනවා.

මෙහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2012 වසරේ දීය. නුවරඑළිය නව රෝහල ඉදිකිරීමෙන් පසු පැවැති ඇතැම් ගැටලු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත විසදීමෙන් පසු නව රෝහල විවෘත කිරීමට තීරණය විය. නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ඉහළ ගුණාත්මකබවින් යුත් සුරක්ෂිත ඵලදායි සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් නව මහ රෝහල විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

පැරණි රෝහල තුල සායන කිහිපයක් පවත්වාගෙනයාමට ද තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්