fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19න් පහළ පිලිමලුන් පිටුදැකිමේ ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය; අර්ධ අවසන් පුර්ව තරගයේ ජය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:50

19න් පහළ පිලිමලුන් පිටුදැකිමේ ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය; අර්ධ අවසන් පුර්ව තරගයේ ජය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ පිලිමලුන් පිටුදැකිමේ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟ පැවති අර්ධ අවසන් පුර්ව තරගයෙන් ලකුණු 53ට 12 ක් ලෙස ජයක් වාර්තා කිරිමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් වුණා.

කොළඹ රාජකිය විද්‍යාල රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ලකුනු 25ක් ලබා සිටියා. එම අර්ධයේදී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 12ක් පමණයි. තරගයේ දෙවන අර්ධයේදී ආක්‍රමණශිලි තරග රටාවක නිරත වූ සාන්ත පීතර විද්‍යාල ක්‍රිඩකයින් පෙරමුණේ පසුවුණා. තරගය නිමාවන විට ඔවුන් ලකුණු 53ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 08ක් , ප්‍රවර්තන 05ක් සහ දඩුවම්පහරක් ඇතුලත්. ඒ වන විට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ලබා සිටියේ  ලකුණු 12ක් පමණයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්