fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:48

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට පස්වරුවේ හෝ රාතී‍්‍ර කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඌව සහ නැගෙනහිර පළාත් වලට පොළොන්නරුව, මුලතිව් මෙන්ම වව්නියාව දිස්ති‍්‍රක් ඊට ඇතුලත්. සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර දිස්ති‍්‍රක්කයන්හිත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. සබරගමුව පළාතෙත්, කලුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කයන්වල ඇතැම් ස්ථාන වලටත් මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්