fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූජිත සහ හේමසිරිට එරෙහි සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:28

පූජිත සහ හේමසිරිට එරෙහි සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහි සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට ගැනීමට නියමිතයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ඔවුන්ට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබෙනවා. එම පෙත්සම් සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවීමට නියමිතයි. ඒ පෙරවරු 11 ට පමණ. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු නඩු කටයුතු බැවිනුයි ඒවා විභාග කිරීමට සත්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අග විනිසුරුවරයා කටයුතු කළේ. පෙත්සම් පිළිබඳ කරුණු දැක්වීම සඳහා නීතිපති දප්පුලද ලිවේරා මහතා පෞද්ගලිකවම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2019 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්