fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවා අවසන්

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:40

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවා අවසන්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියන 198ක වන්දි මුදලක් ගෙවා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය පවසනවා. ප්‍රහාරයෙන් 263 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

හානි පූර්ණ කාර්යාලය මගින් ලබාගත් දත්තවලට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් සදහා වන්දි ගෙවීම වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 198 ක් පමණ වනවා. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 500 ක්. ඉන් 438 දෙනෙකු සඳහා රුපියල් මිලියන 64 ක වන්දි ගෙවා තිබෙනවා. ඒ අනුව මෙතෙක් ගෙවා ඇති සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 262ක්. ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන නැවත ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් ශ්‍රී ලංකා යුද හමුදාව හා නාවික හමුදාව වෙත අත්තිකාරම් වශයෙන් ලබා දී තිබෙනවා. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට හා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට රුපියල්  මිලියන 10 බැගින් ලබා දී තිබෙනවා.  මඩකලපුව සියොන් දේවස්ථානය සඳහා රුපියල් මිලියන 5 ක අත්තිකාරම් මුදල් ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය තවදුරටත් සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්