fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිදී විහාරයේ පුස්කොල පොත් සංරක්ෂණයට පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:22

රිදී විහාරයේ පුස්කොල පොත් සංරක්ෂණයට පියවර

කුරුනෑගල රිදී මහාවිහාරයේ ඇති පුස්කොල පොත් විද්වත් මණ්ඩලයක් මගින් පරික්ෂා කර ඒවා සංරක්ෂණය සදහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.  මෙම පියවර ගෙන ඇත්තේ බුදුදහමේ හර පද්ධතියට හානි කරමින් විකෘති කරවීම හා වැරදි අර්ථකථන ලබාදීම වැළැක්වී සදහා ජනාධිපතිතුමා එය ජාතික උරුමයක් ලෙස නම් කිරීමෙන් අනතුරුවයි.

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට පසුගිය සමයේ ජනාධිපතුමා  කටයුතු කළේ නිර්මල බුදුදහම තවදුරටත් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවයි. ඒ අනුව ථේරවාදී පාලි ත්‍රිපිටකයෙහි ඇති වැදගත්කම හේතුවෙන් එය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛණයට ඇතුළත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.  ශ්‍රී ලංකාවෙහි සංරක්ෂණය නොවී ඇති ත්‍රිපිටක පුස්කොලපොත් සංරක්ෂණය සදහා ජනාධිපතිතුමා විද්වත් කමිටුවක් පත් කළේඒ අනුවයි. එහි එක් අදිරයක් ලෙස කුරුනෑගල රීදී මහා විහාරයේ පුස්කොලපොත් සංරක්ෂණය සදහා පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්