fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නේපාල හිටපු අගමැති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:37

නේපාල හිටපු අගමැති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණා.

දෙරට මුහුණ දී සිටින සමාජ හා ආර්ථික අභියෝග ජයගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබද මෙම සාකච්ඡාවේදී වැඩි අවදානයක් යොමු කෙරුණා. දෙරට අතර මෙන්ම අග්‍රාමාත්‍යවරුන් දෙපල අතර දිගුකලක සිට පැවතෙන මිත්‍රත්වය තවදුරටත් තහවුරුකර ගැනීමට මෙම හමුව ඉවහල් වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත වතාවක් ශ්‍රී ලංකාවට සිය කණගාටුව පළකළ නේපාල හිටපු අග්‍රාමාත්‍යවරයා කෙටි කලක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවීම පිළිබද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තම ප්‍රසාදය පළ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්