හසලක ගාමිණී රණවිරුවාගේ 28 වන ගුණ සමරුව කතානායකගේ ප්‍රධානත්වයෙන්
Related Articles
හසලක ගාමිණී රණවිරුවාගේ 28 වන ගුණ සමරුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ජාතියේ නිදහස වෙනුවෙන් කුරිරු ත්රස්තවාදීන් සමග සටන් කර අලිමංකඩදී සිය ජීවිතය පූජා කළ හසලක ගාමිණී රණවිරුවාගේ ගුණ සමරු උත්සවය සංවිධාන කළේ බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ලෝරන්ස් මාදිවෙල මහතායි. හසලක ගාමිණීගේ මව වන වයි ජී ජුලියට් මහත්මියට විශේෂ ඇගයීම් පරිත්‍යාග කිහිපයක් සිදුකෙරුණා. ජෝන් අමරතුංග, රුවන් විජේවර්ධන යන අමාත්‍යවරුන් ද ගුණ සමරු උත්සවයට සහභාගි වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයට සුබ පැතුම් එක්කර තිබුණා.