fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පස්දෙනෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:03

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පස්දෙනෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

ලබන 24 වනදා යළි කමිටුව රැස්වන අතර අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන මහත්වරුන් එදිනට කැඳවා තිබෙනවා. මීට අමතරව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ වරුණ ජයවර්ධන, පොලිස් පරික්‍ෂක තරංග පතිරණ යන මහත්වරුන් ද සාක්‍ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතයි. තේරීම් කාරක සභාවේ සාක්‍ෂි සහිත වාර්තාව සකස් කිරීම අගෝස්තු මස පළමු සතිය වන විට අවසන් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්