පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කළ රටවලින් සියයට 80ක් පමණ එම නිවේදන ඉවත් කරගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසනවා.
තානාපති කාර්යාල ඔස්සේ අදාළ රටවල නායකයින් දැනුවත් කිරීමට රජය පසුගිය මැයි මස 20 වනදා සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එම වැඩපිළිවෙළ ඉතා සාර්ථක වූ බවයි රවිනාථ ආරියසිංහ මහතා පෙන්වා දෙන්නේ. ඒ අනුව එම රටවල් සංචාරක අවදානම් නිවේදන ඉවත්කරගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ සංචාරකයින්ගේ දෛනික පැමිණීම මේ වසරේ මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාල සීමාව තුළදී සියයට 66 කින් වර්ධනය වී ඇති බවයි. ලොව සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව ද පසුගියදා ප්‍රකාශයට පත් කළා.