කාසල්රී ජලාශයට මත්ස්‍ය පැටවුන් හැත්තෑපන්දහසක් මුදා හැරීම අද සිදුකෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේයි.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ප්‍රෝටීන් මන්දපෝෂණ තත්ත්වය අවම කිරීම මෙන්ම මිරිදිය මත්ස්‍ය අස්වැන්න සුලභ කිරීම සඳහා මිරිදිය මත්ස්‍ය පැටවුන් බෝ කිරීමේ වැඩසටහනට රුපියල් මිලියන 16 ක ප්‍රතිපාදන ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වෙන්කර තිබෙනවා. ඒ අනුව ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය අදියර 3 ක් යටතේ මේ වසර තුළ කාසල්රී හා මාඋස්සාකැළේ ජලාශවලට සහ තේවතුවල පොකුරු ජලාශවලට මිරිදිය මත්ස්‍ය පැටවුන් , ඉස්සෝ පැටවුන් ලක්ෂ 16 ක් මුදා හරින බව එම අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් ව්‍යාපෘති නිලධාරීවරයා සඳහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UPhzRe8NDu4″]
මෙහිදී කාසල්රී ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් හැට දෙදෙනෙකුගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මාඋස්සාකැළේ ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලී සිටින ධීවරයින්ගේ නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් පන්දහස බැගින් වූ චෙක්පත් සහ ජලාශ දෙකේම ධීවරයින් වෙනුවෙන් දැල් ආම්පන්න ලබා දීම ද මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදු කෙරුණා.