fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය ඇතුළු 8 දෙනෙකුට එරෙහි නඩුව කැඳවීමට අධිකරණය දින දෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 17:24

ගෝඨාභය ඇතුළු 8 දෙනෙකුට එරෙහි නඩුව කැඳවීමට අධිකරණය දින දෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව ද සැප්තැම්බර් 20 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඇවන්ට්ගාඩ් සමාගමට අයුතුසහගත ලාභයක් ගෙනදෙන අයුරින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැළැස්වීම සැකකරුවන්ට එල්ලවී ඇති චෝදනාවයි. එමගින් රජයට රුපියල් බිලියන 11 දශම 4 ක පාඩුවක් සිදුකිරීමෙන් සැකකරුවන් දූෂණය නැමැති වරද කර ඇති බව චෝදනාවල සඳහන්. මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවත් ජුලි 26 වනදා ඒ සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 17:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්