fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය ඉන්ධන නෞකාවට බාධා කළ ඉරාන බෝට්ටු පළායයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 14:54

බ්‍රිතාන්‍ය ඉන්ධන නෞකාවට බාධා කළ ඉරාන බෝට්ටු පළායයි

ඉන්ධන නෞකාවට නවතින ලෙසට තර්ජනය කළ ඉරාන බෝට්ටු බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ අනතුරු ඇඟවීමත් සමග පළාගොස් තිබෙනවා.

පලාගිය බෝට්ටුවල සිටියේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සාමාජිකයන් බවටයි බ්‍රිතාන්‍ය සැක පළකරන්නේ. පර්සියානු සහ ඕමාන බොක්ක අතර හෝමෝස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත‍්‍රා කරමින් තිබූ බිතාන්‍ය ඉන්ධන නෞකාවට ආයුධ සන්නද්ධ ඉරාන බෝට්ටු කිහිපයක් බාධා මතුකර තිබෙනවා.

ඒ නෞකාව නවත්වන ලෙස තර්ජනය කරමින්. කෙසේවෙතත් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ අනතුරු ඇඟවීමෙන් පසු එම බෝට්ටු පලාගොස් ඇති බවයි බ්‍රිතාන්‍ය වාර්තා සදහන් කලේ.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්