fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රීසියේ අයහපත් කාළගුණය හේතුවෙන් සංචාරකයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 14:59

ග්‍රීසියේ අයහපත් කාළගුණය හේතුවෙන් සංචාරකයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට

ග්‍රීසියේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සංචාරකයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ග්‍රීසියේ නැගෙනහිර ප්‍රදේශයට තද සුළං , හිම වැසි සහ වර්ෂාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අධික සුළං හේතුවෙන් නිවාස ඇතුළු දේපල හානි  රැසක් සිදුව තිබෙනවා. සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනාගත් එම ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක වහලයක් කඩා වැටීමෙනුයි මෙම සංචාරකයින් පිරිස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මෙම අයහපත් කාළගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ හල්කිඩ්කි ප්‍රදේශයටයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්