fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර දෙලක්ෂ දස දහසක් පැරණි මානව හිස් කබලක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 12:07

වසර දෙලක්ෂ දස දහසක් පැරණි මානව හිස් කබලක් හමු වෙයි

වසර දෙලක්ෂ දස දහසක් පැරණි මානවයෙකුගේ හිස් කබලක් සොයාගෙන තිබෙනවා.

ගී‍්‍රසියේ දකුණු ප‍්‍රදේශයේ ගුහාවකින් මෙම හිස්කබල සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. එය ඊශ‍්‍රායලයෙන් මීටපෙර සොයාගෙන තිබූ ඉහළ හකු ඇට අස්ථියට වඩා වසර දහසය දහසකින් පමණ පැරණි බවට සැලකෙනවා. ඒ අනුව හෝමෝසේපියන්වරුන් කලින් ගණනය කර තිබූ කාලයට වඩා බොහෝ පෙර සිට අපි‍්‍රකා ප‍්‍රදේශ හැර යාමට පටන් ගෙන ඇති බව තහවුරු වන බවයි විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ. මීටපෙර ද දකුණු ගී‍්‍රසියේ පෙලෝපොනිස් ප‍්‍රදේශයේ ඇපිඩිමා ගුහාවේ තිබී මිනිස් හිස් කබලක පසුපස කොටස් සොයා ගත්තා. එය මේ වනවිට ඇතැන්ස් විශ්වවිද්‍යාල කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්