fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත ක්‍රියා පනත යටතේ වෛද්‍ය ෂාෆි වරදක් කර නැහැ. වද භාවය පිළිබඳ පරීක්ෂණයට CIDය අවසර ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 11:40

ත්‍රස්ත ක්‍රියා පනත යටතේ වෛද්‍ය ෂාෆි වරදක් කර නැහැ. වද භාවය පිළිබඳ පරීක්ෂණයට CIDය අවසර ඉල්ලයි

වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහබ්දීන් මහතා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.

රැදවුම් නියෝග මත රහස් පොලීසිය භාරයේ පසුවූ වෛද්‍යවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා. අධිකරණය හමුවේ රහස් පොලීසිය සදහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා රදවාගෙන සිටියද එම පනත යටතේ වරදක් සිදුකර ඇතැයි මේ දක්වා අනාවරණය වී නැති බවයි. වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ලම අසත්‍ය බව පෙන්වා දුන් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පැමිණිලිකාර මව්වරුන් එස් එච් ජී පරීක්ෂණයට යොමු කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව තමන් වද භාවයට පත්වී ඇතැයි කියමින් පැමිණිලි කළ මව්වරුන් 143 දෙනෙකු අදාළ පරීක්ෂණයට ලක්කිරීමට අවසර ලබාදෙන ලෙසට රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

 

වෛද්‍ය ෂාෆි CIDයේ සිට අධිකරණයට

වෛද්‍ය මොහොමඩ් සාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගින් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කළා.

ඒ නඩුව අද (11) කැඳවූ අවස්ථාවේ. ඔහුට එරෙහි නඩු විභාගය පස්වරු එක දක්වා කල්තබා ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

සැක සහිත වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්