fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය පස්වරුවේ

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 11:29

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය පස්වරුවේ

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ඔස්ටේ‍්‍රලියා සහ එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම් අතර. තරඟය පැවැත්වෙන්නේ බර්මින්හැම් හිදී.

ආරොන් ෆින්ච් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම මෙහෙය වනවා. ඔයින් මෝගන්ටයි එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ. පළමු අවසන් පූර්ව තරඟය ජයගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.

ඉන්දීය කණ්ඩායම ලකුණු 18 කින් පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කිරීමට ඔවුන් සමත් වුණා. ඩේවිඩ් වෝනර්ට සිය එක්දින ලකුණු පන්දහසේ සීමාව පසුකර යාමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 19 ක් පමණයි. මිචෙල් ස්ටාක්ට සිය ලෝක කුසලාන එක්දින කඩුලු පනහෙ සීමාව පසුකර යාමට තවත් කඩුලු දෙකක් පමණක් අවශ්‍යව පවතිනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාට මෙම තරඟය විශේෂ බවයි කි‍්‍රක් ඉන්ෆෝ වාර්තා පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 11:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්