fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසළ ගැටලුවට සාර්ථකව විසඳුම් ලබාදෙන කලුතර මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 12:41

කසළ ගැටලුවට සාර්ථකව විසඳුම් ලබාදෙන කලුතර මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසළ ගැටලුවට සාර්ථකව විසඳුම් ලබා දීමට කලුතර මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට හැකිවී තිබෙනවා. විදේශ විනිමය ද උපයමින් එම ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි.

කලුතර නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල දිනපතා ඉවත් කෙරෙන කැළිකසළ මිහිසරු කසළ අංගනයේදී කොම්පෝස්ට් පොහොර බවට පත් කෙරෙනවා. පරිසර හිතකාමී ලෙස සිදු කෙරෙන මෙම කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ විදේශ විනිමය ලබා ගැනීමේ මාර්ගයක් බවට ද පත්ව තිබෙනවා. මාසිකව කසළ ටොන් හත්සිය පනහක් පමණ මෙහිදී ප්‍රතිචක්‍රීකරණයට ලක් කෙරෙනවා. ඒ තුළින් සකස් කෙරෙන කොම්පෝස්ට් පොහොර මාලදිවයිනට අලෙවි කරන බවයි එම මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු පාලිත උදයංග මහතා පවසන්නේ.

පාලිත උදයංග-ව්‍යාපෘති කළමනාකරු-කලුතර මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්