fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම දිවයින පුරා ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 12:37

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම දිවයින පුරා ක්‍රියාත්මකයි

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම පසුගිය පස්වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.

මෙම වසරේ පළමු මාස 06 තුළ මාරක රිය අනතුරු 1281 කින් පුද්ගලයන් 1374 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලිස් මූලස්ථානය බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ අදියර කිහිපයක් යටතේයි. එය පසුගිය 05 වනදා සිට මාසයක කාලයක් දිවයින පුරා සිදු කෙරෙනවා. එහිදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදලින් විශේෂ ත්‍යාග පිරිනැමීමටයි කටයුතු කෙරෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2019 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්