ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය සංවිධාන කරන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් ඒ කාණ්ඩයේ පැසිපන්දු ශුරතාව දිනා ගැනිමට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය සමත් වුණා.
මරදාන සාන්ත ජෝෂප් විද්‍යාල පැසිපන්දු ක්‍රිඩා පිටියේ පැවති තරගාවලියට පැසිපන්දු කණ්ඩායම් 20ක් එක්ව සිටියා. මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 79ට 47ක් ලෙස ශුරතාව දිනා ගැනිමට මරදාන සාන්ත ජෝෂප් කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ තුන්වන ස්ථානය කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය දිනා ගත්තා.