ඇමෙරිකාවේ එක්සත් රාජධානියේ තානාපති සර් කිම් ඩැරොක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
තානාපතිවරයා මෙලෙස ඉල්ලා අස්වී තිබෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විවේචනය කරමින් විද්‍යුත් තැපැල් පණිවිඩ හුවමාරු වීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රකාශ කර ඇත්තේ ඩැරොක්ගේ ඉවත්වීම දැඩි කණගාටුවක් බවයි. මෙම රහසිගත විද්‍යුත් තැපැල් පණිවිඩ නිකුත් වීමත් සමඟ ඇමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර තානාපතිවරයා දැඩි ලෙස විවේචනය කළා.