ජාතික පාසලක වසර 03 ක සේවා කාලයක් සපුරන සියළු ගුරුවරුන්ට එම පාසලට දරුවන් ඇතුළත් කිරීමේදී ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි. ජාතික පාසල්වල 01 /05 /06 සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන් සඳහා මෙම විශේෂ තීරණය බලපැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීම ලබන මාසයේ මුල් සතිය තුළ සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2016 / 2017 උසස් පෙළ ප්‍රතිඵලවලට අනුවයි මෙම බඳවා ගැනීම් සිදුකෙරෙන්නේ. ඒ අනුව දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් වෙත සිසුන් හාරදහස බැගින් වන කණ්ඩායම් 2 ක් බඳවා ගැනීමට නියමිතයි.