fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CWC2019 : ඉන්දියාවත් ගෙදර එයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 20:26

CWC2019 : ඉන්දියාවත් ගෙදර එයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්ලදියාව පරාජය කරමින් ලකුණු 18 ජයක් ලබාගැනීමට නවසිලන්තය  සමත් වුණා.

කාසියේ වාසිය දිනා නවසිලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. නවසීලන්ත ඉනිමේ පන්දුවාර හතලිස් හයයි එක් පන්දුවක්  යවා තිබියදී වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය නතර කළා. අද තරගය එතැන් සිට ආරම්භ කෙරුණා. නියමිත පන්දුවාර 50 අවසානයේදී නවසීලන්ත කන්ඩායම කඩුලු 08ක් දැවි ලකුණු 239ක් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි ඉන්දිය කණ්ඩාමේ පළමු කඩුලු 03 ලකුණු 05ක් තුලදී බිද වැටුණා. රෝහිත් ෂර්මා, විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් එක් ලකුණ බැගින් ලබා සිටියදී දවා ගැනිමට මැට් හෙන්රි සමත් වුණා. පන්දු වාර 49 පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ඉන්දියාවට ලබාගත හැකිවූයේ ලකුණු 221 පමණයි.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 20:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්