fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වාසභංග විවාදය විපක්ෂයේ කථිකයන් නොමැතිව ඇණ හිටියි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 19:43

විශ්වාසභංග විවාදය විපක්ෂයේ කථිකයන් නොමැතිව ඇණ හිටියි

පාස්කු ඉරිදා ප්‍රහාරය තුළින් ආණ්ඩුවේ විශ්වාසය කඩ වූ බවට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. මෙම විවාදය හෙට දිනයේදී ද පැවැත් වීමෙන් අනතුරුවයි  ඡන්ද විමසීම සිදු කෙරන්නේ. කෙසේ වුවද අද දිනයේ විවාදයේදී අදහස් දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැති කමින් පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය පිලිබදවද ගැටළුවක් මතු වුණා.

විශ්වාසභංග විවාදයේදී අදහස් දැක්වීම සදහා අද පස්වරුව වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැති තත්ත්වයක් සභා ගර්භයේ උද්ගත වුණා. එමෙන්ම විපක්ෂයේ යෝජනාවක් වන මෙම විශ්වාසභංගය විවාදයට එක්වීම සදහා  විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැතිකමින් ඝන පූර්ණය පිලිබදවද ගැටළුක් මතු වුණා. එහිදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සභාවට පැමිණ ඝණ පූර්ණය  සිදු කළ ද විපක්ෂයේ කථිකයන් නොමැති කමින් විවාදය ඇණ හිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 19:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්