යුරෝපා සංගමයේ ප්රතිත්රස්ත කටයුතු සම්බන්ධීකාරකවරයා දින හතක කාලයක් ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ සංචාරය කිරීමට සැළසුම්කර තිබෙනවා.
යුරෝපා සංගමයේ ප්රතිත්රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතා හෙට සිට ලබන 16 වනදා දක්වා මෙම සංචාරයේ නිරතවන බවයි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ. ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ ආරක්ෂාව තර කිරීමේ උත්සාහයන්ට සහ අත්දැකීම් හුවමාරුකර ගැනීම සදහා වඩාත් සුදුසු පසුබිමක් නිර්මාණය කර ගැනීමට සහාය වීම මෙම සංචාරයේ අරමුණයි. සම්බන්ධීකාරකවරයා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නියෝජිතයන් හමුවීමට ද සැළසුම්කර තිබෙනවා.