fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර කර්මාන්තය රටට ආදායම් ගෙන එන ප්‍රධාන කර්මාන්තයක් බවට පත් වෙලා

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:19

ධීවර කර්මාන්තය රටට ආදායම් ගෙන එන ප්‍රධාන කර්මාන්තයක් බවට පත් වෙලා

ධීවර කර්මාන්තය රටට ආදායම් ගෙන එන ප්‍රධාන කර්මාන්තයක් බවට පත්ව ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

කොළඹදී අද ආරම්භ වූ ඌණ උපයෝජිත මත්ස්‍ය හා සමුද්‍රීය ජාන සම්පත් වැඩි දියුණු කිරීම පිළිබඳ කලාපීය වැඩමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සඳහා වූ ආසියා පැසිපික් සංගමය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය වැඩමුළුව සංවිධාන කරනවා. ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් සහභාගි වන වැඩමුළුව අනිද්දා දක්වා පැවැත්වෙනවා. නව තාක්‍ෂණය භාවිත කිරීම තුළින් මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීම මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා. මේ අතර ජල ජීවි වගා පර්යේෂණ මධ්‍යස්ථානයක් විවෘත කිරීම ද අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඊට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ද එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්