ජර්මන් දැරියක ඝානය කළ ඉරාක සරණාගතයෙකුට ජර්මනිය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
ඝාතනය සිදුවුණේ 2018 වසරේ මැයි මාසයේ දි. 14 හැවිරිදි දැරිය දූෂණය කර මරා දමා ඇති බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නෙ. ගෙල සිරකර ඇය මරා දැමු බව 22 හැවිරිදි ඉරාක සරණාගතයා අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. මෙම ඝාතනයට පසු රට තුළ සරණාගතයින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ද සඳහන් කර තිබුණේ.