fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ළමයින් පුනරුත්ථාපනයට විශේෂ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 15:34

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ළමයින් පුනරුත්ථාපනයට විශේෂ වැඩසටහනක්

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අවුරුදු 18ට අඩු දරුවන් පුනරුත්තාපනය සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය පිලිබද ජනාධිපති කාර්ය සාධන බලකාය අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය සහ පොලීසිය ඒකාබද්ධව මේ පිලිබදව පරික්ෂණයක් කළා. එහිදී හෙළි වූයේ   අවුරුදු 18ට අඩු දරුවන් එක්ලක්ෂ පහලොස් දහකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවයි. ඔවුන් පුනරුත්තාපනය සදහා පළාත් මට්ටමෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. වසය අවුරුදු  18ට අඩු දරුවන් 6100 ක් හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවද එම වාර්තාව හෙළි කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ විශේෂ මෙහෙයුම්  සිදු කෙරුණා. එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් මෙන්ම සැකකරුවන් 40000 කට වැඩි පිරිසක්ද අත්අඩංගුවට ගැනුණා.

මෙම අත්අඩංගුවට ගැනීම් පුළුල් කරමින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනයට විශේෂ වැඩසටහන ක්‍රියාත්මකයි ඒ වෙනුවෙන් විශේෂ අන්තර්පාලන ඒකකයක්ද ජනාධිපතිතුමාගේ උපදෙස් මත පිහිටුවා තිබෙනවා. රටතුළට මත්ද්‍රව්‍ය ගෙන එන සියලුම මාර්ග පිලිබද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. එමෙන්ම මෙම වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම සදහා සුරාබදු නීතියද සංශෝධනය කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා අදාල අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 15:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්