fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට ඇමෙරිකා ජනපතිගෙන් ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:12

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට ඇමෙරිකා ජනපතිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇමෙරිකාව ලබා දෙන සහාය තවදුරටත් පුළුල් කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි එම් පෙරේරා මහතා, ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි මෙම අදහස් පළ කෙරුණේ.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි එම් පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවුණා. එහිදී සිය අක්තපත්‍ර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත පිළිගැන්වූ රොඩ්නි පෙරේරා මහතා සාකච්ඡාවක ද නිරත වුණා. බහුවාර්ගික, බහු සංස්කෘතික, බහු භාෂා හා බහු ආගමික ප්‍රගතිය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආයතන ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ රොඩ්නි පෙරේරා මහතා ඇමෙරිකා ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළා. ඇමෙරිකාව සමග වෙළෙඳාම හා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගනිමින් ජාත්‍යන්තර හා කලාපීය සාමය සහ ආරක්‍ෂාව ප්‍රවර්ධනය ඇතුලු ශ්‍රී ලංකාවේ ඉදිරි අරමුණු පිළිබඳව ද ඒ මහතා ඇමෙරිකා ජනාධිපතිවරයා දැනුවත් කළා. එහිදී ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ සාමය, සංහිඳියාව මෙන්ම යුක්තිය ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ප්‍රශංසනීය බවයි. සබඳතා ශක්තිමත් කර ගනිමින් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පෙන්වා දුන්නා. පොදු ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට රොඩ්නි පෙරේරා මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්