වෛද්‍යවරයෙකු ලෙස පෙනිී සිටිමින් ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් හැටන් නගරයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකය යොදා ගනිමින් ඔහු මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි හෙලිවුණේ.
හැටන් බස් නැවතුම්පළ භූමියේ පිහිටි මෙම ව්‍යාජ ආයුර්වේද මධ්‍යස්ථානයෙන් විවිධ රෝග සදහා ඔහු ප්‍රතිකාර කර ඇති බවද පොලිසිය සදහන් කළා.