fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන යේමන මුහුදු ආරක්ෂාවට ඇමෙරිකාව මැදිහත් වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 12:33

ඉරාන යේමන මුහුදු ආරක්ෂාවට ඇමෙරිකාව මැදිහත් වෙයි

ඉරාන සහ යේමන මුහුදු තීරයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමෙරිකාවට ඒකාබද්ධ මුහුදු ආරක්ෂණ ක්‍රියාන්විතයක් ගොඩනැගීම අවශ්‍ය බව ඇමෙරිකාව පවසනවා.

ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සැලසුම ඉදිරිපත් කළ බව ඔවුන් පවසනවා. මේ සඳහා කලාපයේ රටවල් කිහිපයක සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ඇමෙරිකාව පවසන්නේ. මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. ඒ තම එස් 35 දරණ ප්‍රහාරක ගුවන් යානා මැද පෙරදිග කලාපයේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු අගවමින්. ඒ සඳහා තමන් පසුබට නොවන බවද ඊශ්‍රායලය පවසා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්