හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට ලබාදී ඇති තීන්දුවට ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට දින නියම කෙරුණා.
එය අද(100 අභියාචනාධිකරණයේදී කැදවූ අවස්ථාවේ ලබන ඔක්තෝබර් මස 11 වනදා විභාගයට ගැනීමටයි අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සදහා විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍යව පරිහරණය කිරීමේ සහ ඊට අනුබලදීමේ චෝදනාවලටයි ඔවුන් වැරදිකරුවන් වුණේ.
මහාධිකරණය ඔවුන්ට වසර තුනක සිරදඩුවම් නියම කර තිබෙනවා.