fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරය කිරීමට කැමතිම රට ශ්‍රී ලංකාව බව ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නිලි මාගෝ රොබී පවසයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 12:20

සංචාරය කිරීමට කැමතිම රට ශ්‍රී ලංකාව බව ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නිලි මාගෝ රොබී පවසයි

තමා කිසිදා සංචාරය කර නැති එහෙත් සංචාරය කිරීමට කැමතිම රට ශ්‍රී ලංකාව බව ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නිලියක ප්‍රකාශ කරනවා. මාගෝ රොබී නැමැති මෙම සම්මානනීය නිලිය මෙම ප්‍රකාශය සිදුකරන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ වෝග් සඟරාව සමඟ සංවාදයට එක්වෙමින්.

73 Questions හෙවත් ප්‍රශ්න 73 ක් විමසන මෙම වැඩසටහනේ දී ඇයගෙන් විමසන එක් ප්‍රශ්නයක් වන්නේ ඔබ කිසිදා සංචාරය කර නැති එහෙත් සංචාරය කිරීමට ඉතා කැමැත්තෙන් සිටින රට කුමක් ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ඇය පවසන්නේ එය ශ්‍රී ලංකාව බවයි. හොලිවුඩ් නිලි මාගෝ රොබී 2017 වසරේදී ටයිම්ස් සඟරාව මඟින් ලොව බලවත් පුද්ගලයින් සිය දෙනා අතරටද නම් කළ නිලියක්.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්