fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයට අයිස් වැස්සක්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 10:27

පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයට අයිස් වැස්සක්

පොළොන්නරුව , වැලිකන්ද ප්‍රදේශයට අයිස් වැස්සක් සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.

මාස කිහිපයක් පුරා පැවති දැඩි නියඟය හමාර කරමින් වැලිකන්ද , සිංහපුර හා මගුල් පොකුණ ප්‍රදේශවලට මෙසේ වැසි ඇදහැලුණා. පැයක පමණ කාලයක් පැවති වර්ෂාව සමඟ අයිස් කැට පතිත වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. නිවාස හයකට හා ව්‍යාපාරික ස්ථාන පහකට සුළගින් හානි සිදුව තිබෙනවා. නිකපතලන්ද ගම්මානයේ වගාවන්ට ද සුළං හේතුවෙන් හානි සිදුව ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා සඳහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්