ත්‍රස්තවාදී සැකකරුවන් තුන් දෙනෙක් විමර්ෂණ කටයුතු සදහා ත්‍රස්තවාදී විමර්ෂණ කොට්ඨාසයට භාරදුන් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඔවුන් මොහොමඩ් සහරාන් සමග සමිප සම්බන්ධතා පැවති බවටයි හෙළිවුණේ. අවි පුහුණුවද ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
එම ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු රස්නායක සහ වැලිමඩ පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා. අනෙක් සැකකරු ත්‍රස්තවාදී විමර්ෂණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.