පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පස්වරු දෙකට රැස්වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුලු තුන් දෙනෙකු ඒ සදහා කැදවා ඇති බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේ.
තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් ඊයේ(09) පාර්ලිමේන්තුවේදී ද අදහස් පළවුණා. නීිතිය අනුව පාර්ලිමේන්තුවෙන් කැදවීමක් ලැබුණහොත් ඊට සහභාගී විය යුතු බවයි කථානායක කරු ජයසුරිය මහතා එහිදී පෙන්වා දුන්නේ.