විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට ඛණිජ තෙල් සංස්ථාව එකඟතාවකට පැමිණ තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය , ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ඛණිජ තෙල් සංස්ථා සභාපතිවරයා ඇතුලු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් පසු එකඟාවට පැමිණ ඇති බවයි අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ.
මේ දිනවල විදුලි අවශ්‍යතාව සම්පුර්ණ කිරිම සදහා ජල විදුලියේ දායකත්වය සියයට 10 ත් 12 ත් අතර පවතිනවා. පවතින වියලි කාලගුණ තත්වයයි ඊට හේතුව.
ඒ අනුව තාප විදුලි බලාගාරවල දායකත්වය විදුලි උත්පාදනය වෙනුවෙන් වැඩි වශයෙන් අවශ්‍යව පවතින බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ.