ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෞද්ගලික සංචාරයක් සදහා විදේශගතවීම හේතුවෙන්. සංචාරයට පිටත්වයාමට පෙර ජනාධිපතිවරයා දුරකථනයෙන් තමන් ඇමතූ බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු පියවර පිලිබද උපදෙස් දුන් බවත්, රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ කොළඹ පැවති ආසියානු වෙරලාරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අවසානයේදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින්.