මොහොමඩ් සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ සැකකරුවෙකු ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට භාරදී තිබෙනවා.
ඔහු රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ. පසුගිය මැයි පලමුවනදා නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගත්තේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට.
ඔහු මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයේදී පුහුණුවීම් ලබා ඇති බවට ද හෙළිව තිබෙනවා. විමර්ෂණ සදහා සැකකරු ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.